Beauty
දැන් ඉතින් අනවශ්‍ය රෝම ඉවත් කරන්න බය වෙන්න ඕනෙ නැහැ
මුහුණ හා අත් පාවල අනවශ්‍ය විදිහට රෝම ඇතිවන එක කාන්තාවකට නම් එතරම් හොඳ ලක්ෂණයක් නෙමෙයි. හේතුව හු`ගක් වෙලාවට අත්පාවල, මුහුණේ ඇතිවන රෝම නිසා ඇයගේ පැහැපත් බවට ලස්සන පෙනුමට එය බාධාවක් වන නිසයි.
අනවශ්‍ය රෝම ඉස්මතු වීමෙන් සමාජය ඉදිරියේ අපහසුතාවයට පත්වන යුවතියන් ද නැතුවා නොවෙයි. මේ නිසාම සමහරුන්ට අත් පා නිරාවරණය වන ආකාරයෙන් ඇති ඇඳුම් විලාසිතාවන් පවා තෝරා ගැනීමට නොහැකි වෙනවා.
අනවශ්‍ය රෝම ඉවත් කරන්නට සමහරුන් බියක් පසුබටතාවයක් දක්වනවා නේද?
බොහෝ විට එයට හේතුව වන්නේ අනවශ්‍ය රෝම ඉවත් කිරීම ඇතැම් විට තරමක් වේදනාකාරී අත්දැකීමක් වන නිසයි. බොහෝ අවස්ථාවල මේ සඳහා යොදාගන්නේ වැක්ස් එකක්. එම වැක්ස් එක සම මත ගල්වා නැවත ඉවත් කිරිමේදී සමෙහි ඇදීමක් මෙන්ම වේදනාවක් දැනෙනවා. සමහරුන්ට රෝම ඉවත්කළ ස්ථානයේ රතුවීමක් ඉදිමුමක් ඇතිවන අවස්ථාවන් තිඛෙනවා. රෝම ඉවත් කළ හැකි ඇතැම් කෘත්‍රිම ආලේපන වර්ග මේ සඳහා යොදා ගැනෙනවා. එසේ ඉවත් කළ පසු පෙරටත් වඩා රෝම ඝනව වැඩෙන අවස්ථාවන් ද දක්නට පුළුවන්. සමහර යුවතියන් රේසර් එකක් භාවිතකර අනවශ්‍ය රෝම ඉවත් කරනවා. මෙය සුදුසු දෙයක් නොවෙයි. ඉන් රෝම ඝනව වැඩීමක්, සම රළුවිමක් සිදුවන්නට පුළුවන්. මනාලියක් වීමට සූදානම් වන ඇතැම් යුවතියන් තම මුහුණේ අත්පාවල ඝනව වැඩී ඇති අනවශ්‍ය රෝම නිසා මහත් පීඩාවකට අපහසුතාවයකට පත්වන හැටි අප දැක තිඛෙනවා. සිරුරේ කිහිලි - උදර ප්‍රදේශයේ - පියයුරු ආශ්‍රිතව - කලවා ප්‍රදේශ ආදී තැන්වල අනවශ්‍ය රෝම ඇතිවීම සහ එම ස්ථානවල ඇතිවන දුර්වර්ණවත් බව ද බොහෝ විට ප්‍රශ්නයක්. එවන් සංවේදී තැන්වල වැක්ස් ම`ගින් රෝම ඉවත් කිරීමේදී වේදනාවක් දැනෙන්නට පුළුවන්.
මෙයට විකල්පයක් වශයෙන් වේදනාවකින් තොරව අනවශ්‍ය රෝම ඉවත් කළ හැකි ක්‍රමයක් තිඛෙනවාද?
ඔව්. වේදනාවක් නැතිව සමටත් හානියක් නොවන ආකාරයෙන් රෝම ඉවත් කරගන්නට පුළුවන් නම් එය කාන්තාවන්ට ලොකු සහනයක් වේවි. මේ සඳහා අප විසින් අත්හදා ප්‍රතිඵල ලත් ක්‍රමයක් යොදා ගන්නවා. මෙහිදී දෙහි - සීනි සම`ග රෝම ඉවත් කරලීමේ හැකියාව ඇති තවත් ද්‍රව්‍ය කීපයක් යොදා ගනිමින් මෙම මිශ්‍රණය සකසනවා. ඉන්පසුව මෙය ක්ලේ එකක් ආකාරයට වනතෙක් අතින් තෙරපමින් අවශ්‍ය පදමට සකසා ගත යුතුයි. මෙය ඇදෙන සුළු බවින් මෙන්ම සමට ඇලෙන සහ පහසුවෙන් ඉවත් කළ හැකි ස්වභාවයෙන් යුක්තයි. කිසිම කෘත්‍රිම ද්‍රව්‍යක් මේ සඳහා යොදා ගැනෙන්නේ නැති නිසා සමට හානියක් ඇතිවන්නේ නෑ.
ආලේපයට ප්‍රථම සම මත පවුඩර් ස්වල්පයක් තවරා ක්ලේ එකක් ලෙස තුනී කරගත් මිශ්‍රණය රෝම ඇති තැන්වල අතුරා තුනීකර ඉවත් කරන විට රෝම ගැල වී යනවා. මෙහිදී වේදනාවක් අපහසුවක් දැනෙන්නේ නෑ.
මෙය තමන්ට නිවෙසේදී සකසා ගත හැකිද?
මෙම මිශ්‍රණය සැකසීම ඉතාමත් සුපරික්ෂාකාරීව කළ යුතු දෙයක්. හේතුව මෙහි නිවැරැදි පදම හඳුනාගෙන සැකසීම නොකළොත් එය ක්ලේ එකක් ආකාරයට සකසා ගන්නට අපහසුවනවා. මිශ්‍රණය නිසි පදමට සූදානම්කර ගත්තේ නැතිනම් එය සාර්ථක වන්නේ නැහැ. එම නිසා ඔබට ශිල්පිනියගේ උපදෙස් විමසා එය නිවෙසේදීම සකසා ගන්නට පුළුවන්.අනෙක් කරුණ නම් නිසි දැනුමක් අවබෝධයක් නොමැතිව රෝම ඉවත් කිරීමේ කාර්යය කරන්නට එපා. ඉන් සමට හානි ගෙන දෙන්න පුළුවන්. වඩා සුදුසු මේ පිළිබඳ දැනුමක් ඇති අයකුගේ උපදෙස් මත සිදු කිරීමයි.
මෙම මිශ්‍රණය යොදා ගනිමින් මුහුණේ, උඩු තොලේ, නිකට යට, කිහිලි යට, අත් පා ආදී තැන්වල රෝම ඉවත් කරන්න පුළුවන්. මෙහිදී සමේ මැරුණු සෛල සහ දුර්වර්ණ ස්වභාවය ද ඉවත්වනවා. මේ සම`ගම රෝම මුලින්ම ගැලවී ඉවත්වන නිසා නැවත ඉක්මනින් රෝම වර්ධනය වීමක් ද සිදුවන්නේ නෑ.
අනවශ්‍ය රෝම ඉවත් කළ පසු සම රැක ගත යුත්තේ මොන ආකාරයෙන්ද?
අනවශ්‍ය රෝම ඉවත් කළ පසු සමට අනවශ්‍ය ආකාරයෙන් ආලේප ගල්වන්නට එපා. ඉන් සම දුර්වර්ණවීමක් සිදුවන්නට පුළුවන්. මේ නිසා සමෙහි තෙතමනය රැකදෙන සම හිරු එළියෙන් ආරක්ෂා කරන ආලේපනයක් රූපලාවණ්‍ය ශිල්පිනියකගේ උපදෙස් මත පාවිච්චි කරන්න. (මොයිස්චර්රයිසර් ක්‍රීම් එකක් සුදුසුයි).
pasanliya.info
(under the courtesy of goodhousekeeping.lk web)